Tuesday, August 16, 2011

රත්තරංගේ අයියාගෙන් රාජකීය පොල්ලක්..

කළුතර දිස්ත්‍රික්කයේ රත්තරං නොහොත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ සොහොයුරා කළුතර ප්‍රදේශයේ තරුණයින් 25 දෙනෙකුගෙන් කොරියාවේ යවන බවට පොරොන්දු වෙමින් රු. මිලියන ගණනක් වංචා කර පැන ගොස් ඇති බව අපට ආරංචි වුණා.
මේ වනවිට සොහොයුරා කොරියාවේ සංචාරයක නිරත වනවා කියලා නම් අපට ආරංචියි. ඒත් මුදල් ගත්ත තරුණයින්ට කියලා තියෙන්නේ රැකියා අවස්ථා ඇති දැයි බැලීමට කොරියාවේ කම්හල් කිහිපයක් සමග සාකච්ඡා කිරීමට එහි යන බවයි. මින් පෙර අවස්ථාවකදී ද තරුණයින් පිරිසකගෙන් මුදල් ලබා ගෙන ලබා දී නොමැති අතර දේශපාලන බලය නිසාත් පොලිස් නිලධාරීන්ට අත දිගහැර වියදම් කරන නිසාත් අමාත්‍යවරයාගේ සොහොයුරා නිදැල්ලේ ඉන්නවා කියලා තමයි අපට ආරංචිය.

No comments:

Post a Comment