Monday, August 15, 2011

සරත් අමුණුගමගේ දුවට මහජන බැංකුවෙන් පිනට මුදල් දීලා..

මහජන බැංකුව සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගමට රු.මිලියන 163ක මුදලක් කිසිදු චක්‍රලේකයක් නොමැතිව ලබා දීලා කියලා අපට ආරංචි වුණා. මේ සිද්ධිය එළිවුණේ මහජන බැංකුවේ පසුගිය වසරේ අයවැය වාර්තාව එළි දක්වන වෙලාවේ.
මෙසේ මුදල් දීලා තියෙන්නෙ ආරක්ෂක ලේකම් උපදේශක දිලිත් ජයවීර හා වරුණි අමුණුගම විසින් සිදු කරගෙන යන ට්‍රයඩ් දැන්වීම් ආයතනයට. මේ මුදල් ලබා දීමට මහජන බැංකුවේ පරිපාලන මණ්ඩලය හෝ ආයතනය අතර කිසිදු ගිවිසුමක් සිදු නොවී ඇති බව ද අපට ආරංචි වුණා. 

No comments:

Post a Comment