Thursday, June 30, 2011

නිර්මාල්ට තිත, නෙහාරා දික්කසාද වීමට අවශ්‍ය ලියවිලි භාර දෙයි..

ජනප්‍රිය නිළි නෙහාරා, එයාගේ ස්වාමියා නිර්මාල් එක්ක විරසකයක් තියෙනවා කියන රටේ ප්‍රසිද්ධ රහසක්.නිර්මාල් කුකුල් කේන්තිකාරයෙක් නිසා එයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලයි නෙහාරාගේ චෝදනාව. එත් නිර්මාල් කියන්නේ වෙනම කතාවක්. නෙහාරා ජනප්‍රිය නලුවෙක් වන මේනකත් එක්ක සම්බන්ධකමක් පවත්වන නිසා මේ වගේ ආරවුලක් පටන් ගත්තා කියලයි නිර්මාල් කියන්නේ. ඒ මොනවා වුනත් රටටම ඇහෙන්න මගුල් කාපු නෙහාරා ඔන්න දැන් තමන්ගේ ස්වාමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරල විතරක් නෙවෙයි ඒකට වුවමනා කරන ලියකියවිලිත් නීතිඥ මහත්වරුන්ට භාර දීලා තියෙනවා කියලයි අපට නම් ආරංවි.

Thursday, June 23, 2011

නදීෂාගේ හේමමාලිගේ ගෙදර මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදර බවට පත් වෙලා..

නදීෂා හේමමාලි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඉතිං කවුරුත් දන්නවනේ. ඒ මන්ත්‍රීවරයා නිතරම නදීෂාගේ ගෙදර  ඉන්න හින්දා අසල්වාසින් පවා හිතලා තියෙන්නේ ඒ ගෙදර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයගේ කියලා.

නෙහාරාගේ හබය සමථ මණ්ඩලයට..

ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්ගේ සැමියා වන නිර්මාල් පෙරේරා විසින් නෙහාරාගේ පියාට පහරදුන්නේ යැයි කියන සිද්ධිය සමතමණ්ඩලය වෙත යොමු කිරීමට මොරටුව පොලිසිය කටයුතු යොදලා කියලා අපට ආරංචි වුණා.

Wednesday, June 22, 2011

නයනා කුමාරිටත් ඇමති කෙනෙක් සෙට් වෙලා..

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරි,  කළුතර දිස්ති‍්‍රක්කයේ ඇමැතිවරයෙකු හා ව්‍යාපාරිකයෙකු මෙන්ව රංගන ශිල්පියෙක් ද වන පුද්ගලයෙකු සමඟ සමීප සබඳතාවයක් පවත්වන බව අප වෙත වාර්තා වේ. 

Monday, June 20, 2011

නෙහාරාගේ විවාහයටත් බඩු හරි..

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ගේ විවාහය දෙදරා ගොස් ඇති බව අප වෙත වාර්තා වේ. නෙහාරා විවාහ වී සිටියේ නිර්මාල් පෙරේරා සමඟය. සුළු සුළු ආරවුල් හේතුවෙන් විරසකව සිටි මොවුන් දෙදෙනා යළිත් එක් කිරීමට පසුගිය පොසොන් දිනයේදී නේහාරාගේ පියා උත්සාහ ගෙන ඇති අතර, අවසානයේ එම උත්සාහය අවසන්වී ඇත්තේ පියා රෝහල්ගත කිරීමෙන් බව වාර්තා වේ. 

ජානකීගේ රහස් පෙම්වතා ඇමතිවරයෙකුලු..

නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න හා චිත‍්‍රපට නිෂ්පාදකයෙක් හා එජාපයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් ඇමැතිවරයෙකු අතර හාදකමක් ඇති බව කලාව පැත්තෙන් අපිට ආරංචි වුණා. මේ ඇමතිවරයා ටෙලි නාට්‍යවලින් මාසිකව ලොකු ආදායමක් උපයන කොනෙක් කියලා ආරංචියි. ඒ කියන්නේ මාධ්‍යට සම්බන්ධයි. 

Friday, June 17, 2011

ජැකොලයින් ෆර්නැන්ඩස් නිරුවත් දර්ශනවල රඟපාන්න සූදානම්..

බොලිවුඩ් චිත‍්‍රපටයක අඩ නිරුවත් හා සරාගී දර්ශන වලට පෙනී හිටපු අපේ රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස්ට මින් ඉදිරියට නිරුවත් දර්ශනවල පෙනී සිටින එක අවුලක් නැති බව ඇය පවසනවා. ජැකලයින් ෆර්නැන්ඩස් රඟපාන අලූත්ම චිත්‍රපටය මර්ඩර් -2’ චිත‍්‍රපටය තිරගතවීමට නියමිතව ඇත්තේ ජූලි 08 වැනිදා සිට වන අතර එයින් පසුවයි ඇය මේ නිරුවත් දර්ශන කතාව එළියට දමා ඇත්තේ. 

  

Tuesday, June 14, 2011

ධම්මික අංකල් පූජට ලයින් දාලා..

චන්න පෙරේරා විසින් රිදී තිරයට හඳුන්වා දුන් ඉන්දීය නිළි පූජා ගෞතමී උමාශංකර්ට, දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් පොඩි ලයින් පාරක් දානවා කියලා අපට ආරංචි වුණා. 

චරිතයකට පාට දෙන එකට වඩා වෙඩි තියන එක මෙයාට ලේසියි වගේ..

අපට දැන ගන්න ලැබෙන අලුත්ම ඕප දූපය නම්, චරිතයකට පාට දෙන්න නාට්‍යයේ දිනේෂා ජයතුංග ලොකු ව්‍යාපාරිකයෙකුට වෙඩි තියන්න ගිහිල්ලා පොලිසියට මාට්ටු වෙලා කියලා.

Monday, June 13, 2011

ටෙලිනාට්‍ය නළු ගයාන් වික‍්‍රමතිලකට මහනුවර ගැටඹේදී තරුණයන් පිරිසකගෙන් ගුටි පූජාවක්..


ටෙලිනාට්‍ය නළු ගයාන් වික‍්‍රමතිලකට මහනුවර ගැටඹේ ප්‍රදේශයේදී තරුණයන් පිරිසකගෙන් ගුටි පූජාවක් භුක්ති විදීමට සිදුව තිබෙන බව වාර්තා වුනා. පසුගිය 11 වෙනිදා සංගීත සංදර්ශනයකට සහභාගි වීම සදහා යමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුනපාන්නට ගයාන්ට සිදුව තිබෙනවා. තමාගේ මෝටර් රථයට ගලක් විසිකිරීම ගැන ගයාන් විසින් තරුණයන් පිරිසක් සමඟ ඇතිවූ වචන හුවමාරුවක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම ගැටුම නිසා ගයාන් ඇද සිටි ටී ෂර්ටයත් ඉරී ගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයත් නැති වෙලා තියෙනවා. රූපවාහිනියේ නිතරම දුෂ්ඨ චරිත වලට පණ පොවන ගයාන්ට මේ පාර නම් දෙයියොත් සිහිවෙලා කියලයි අපට නම් ආරංචි. 


මම නම් මගේ පෙම්වතිට කියන්නේ අක්කා කියලා..

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට නැගී එන නළුවෙකු වන විශ්වනාත් කොඩිකාර ආමන්ත‍්‍රණය කරන්නේ ‘අක්කි’ කියා බව කේෂත්‍රෙය් ඉන්න කවුරුත් දන්නවා. පබෝදත් විශ්වනාත්ට කියන්නේ මල්ලි කියලලු.

Thursday, June 9, 2011

ශෙරීන්‍ගේ පෙම්වතා ධනවත් විවාහක ව්‍යාපාරිකයෙක්..

ජනපි‍්‍රය සුපිරි මෝස්තර නිරූපන ශිල්පිණියක් හා නිවේදිකාවක් වන ශෙරීන් ඩියානා රයිම්ස්ගේ අලූත් පෙම්වතා ‘චාලි’ ලෙස බොහෝදෙනා හඳුන්වන ධනවත් ව්‍යාපාරිකයෙකු බවට කලා ලෝකයේ ප්‍රචාරණය වන නවතම පුවත බවට පත්ව ඇත. චාලි දරුවන් දෙදෙනෙකු සිටින ව්‍යාපිරිකයෙකි.

මෙන්න නියම පොට් එකක්. කාටවත් අහුවෙන්නෙ නැතිව වැඩේ ගමනෙදිම කරගන්න පුළුවන්..

මේ ජංගම වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳ වාර්තා වෙන්නෙ මුල්ලේරියාව පැත්තෙන් වුණාට කරන්නෙ පිස්සොන්ට බෙහෙත් කරන එක නම් නෙවෙයි. ගබ්සා කරන එකයි. මුල්ලේරියාව පොලිසිය විසින් ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වුණා.

Tuesday, June 7, 2011

රොෂෙල්ගේ අලුත් පෙම්වතා මුසාමිල්..

ජනපි‍්‍රය මොස්තර නිරූපිකාවක් වන රොසෙල් පලන්කට්ගේ අලූත් පෙම්වතා බවට පත්ව ඇත්තේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ දිවා රාතී‍්‍ර හෝටලයක හිමිකරුවෙකු වන මුසාමිල් නැමැත්තෙකු බව අපට දැන ගන්නට ලැබුණා. රොසෙල්ට කලින් පෙම්වතුන් කිහිපදෙනෙකුම හිටියා, ඇය පෙම්වතෙකු ලැබුණු විගස ඔහුගේ නම පච්චයක් සේ කොටා ගන්නා බව රොෂෙල්ට හිටපු පෙම්වතුන් දැන ගත්තට අනිත් අයට පේන්නෙ නෑනේ.  

Sunday, June 5, 2011

සින්දු දෙකක් පමණ දන්නා චිලී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වේදිකාවේ විරයෙක් වෙන්න යයි..

ලංකාවේ මිනිස්සුන්ගෙන් 98%ක්ම චිලී කියන්නේ කවුද කියලවත් දන්නෙ නෑ. ඉතිරි 2%නුත් චිලීව දන්නෙ මුක්කු සංගීතයට ආවඩන සින්දු 2ක් පමණ ගයා එහෙට මෙහෙට දඟලන පුද්ගලයෙක් විදියට. ඒ වගේ තත්වයක් තියෙන චිලී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනට එන්නෙ කෙසේ හෝ නටන්න බලාගෙනය (ගායනයෙන් ප්‍රසිද්ධ වෙන්න බැරි වුණ නිසා).

Thursday, June 2, 2011

කරුණාගේ අලුත් කෑල්ල..

ශාන්තිනි දිල්රැක්ෂි කියන්නේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ගේ පෞද්ගලික ලේකම් කියලා තමයි කියන්නේ. ඒත් අපිට හම්බෙලා තියෙන ෆොටෝ වලින්නම් එහෙම පෙන්නේ නෑ.