Monday, May 30, 2011

කෙටීගේ ගලට ලංකාවේ දෙන්නෙක් රණ්ඩු වෙලා..

රාජකීය මංගල්‍යයේදී විලියම් කුමරු විසින් කේට් මිඞ්ල්ටන්ට පළන්දන ලද මුදුවේ ඇති නිල් මැණික ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.මැණික් ව්‍යාපාරිකයකු වන නිමල් පතිරණ පවසා ඇත්තේ එම නිල් මැණික තමන් විසින් 1981 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය රැජිණ වෙත ප‍්‍රදානය කළ එකක් බවය. 

ආක්ෂා නිසා රන්ජන් සාලියට ගහන්න ගිහින්..

කට්ටිය ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් බැලුවට ඒ ස්ටේජ් එකේ ප්‍රෙක්ෂකයන්ට නොපෙනෙන කොච්චර දේවල් වෙනවද? පසුගියදා ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරඟයේ අවම එස්.එම්.එස් මනාප ගත්තේ ආක්ෂා සුදාරි. ඒ නිසා දුක හිතුන ආක්ෂා රන්ජන්ට හොඳටම බැනලා.

උදාරිට අලුත් කොල්ලෙක් සෙට් වෙලා..

කොළඹ සුපිරි ඇදුම් සාප්පුවකින් ඇදුම් සොරකම් කළ බවට චෝදනා ලැබ සිටි උදාරි චාමිකා වරණකුලසූරිය, නැගීඑන මෝස්තර නිරූපන ශිල්පියෙක් වන හිරාන් යටෝවිටත් එක්ක යාලු වෙලා කියලා මේ දවස් වල ලොකු කටකතාවක් යනවා.

ජැක්සන්ගේ පුතා නිලු එක්ක මාට්ටු..

ප්‍රවීන කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනිගේ වැඩිමල් පුත් අකිල ධනුද්ධරගේ පෙමිවතිය බවට පත්ව ඇත්තෙ සුපිරි මෝස්තර නිරූපිකාවක් වන නිලුක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා බව පසුගියදා අපට හමුවූ ඡායාරූප වලින් ඔප්පු වුණා. ඒ නිසා එක පින්තූරක් අපි දාන්න හිතුවා. 2009 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගයේ තරගකාරියක් වූ එමි, එමී මිස් නැෂනල් කොස්ටියුම් ලෙසද කිරුළු පළඳා ඇති නිරූපන ශිල්පිණියකි. 

Friday, May 27, 2011

පබෝදා අලුත් පෙම්වතා එක්ක වැල්ලවත්තේ චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා..

පසුගිය දින වල පබා සමඟ සම්බන්ධතාවක් ඇති බව කියමින් පැතිර ගිය කට කතා බොරු බව පබෝධාගේ අලුත්ම කතාව එළියට පැමිණෙනවාත් සමග අනාවරණය වී ඇත. පබා සහ විශ්වනාත් අතර ඇති බව කියන සබදතා හෙලි කිරීමට මාධ්‍ය වෙත ලැබී තිබු ඡායාරූප විශ්වනාත් හා පබා රගපෑ බෝම්බ සහ රෝස චිත්‍රපටියේ දර්ශන බව මේ වන විට හෙළි වී ඇත.

පබා දික්කසාද වෙන්න ලිපි භාර දීලා..

ප්‍රසිද්ධ නිළයක් හා මන්ත්‍රීවරියක් වන පබා නමින් මුළු රටම අදුනන උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා සිය සැමියාගෙන් වෙන් වීමට ලිපි භාර දුන්නේ නීතිඥ අමාත්‍ය ෆයිසර් මුස්තාපාටය. උපේක්ෂාට සිය සැමියාගෙන් ලැබුණු ගුටි බැට පූජාව නිසා පසුගියදා ජයවර්ධනපුර රෝහලටද ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඇත.

මයිලගස් හන්දියෙන් ජැක් රජෙක් අත්අඩංගුවට..

බසයක් තුළදී පාසල් සිසුවියකට අතවර කළ අනුරාධපුර මයිලගස් හන්දියේ පදිංචි ජැක් ජයන්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන. මොහුට මේ නම එන්න නම් මේ පුද්ගලයා කොතරම් හපනෙක් ද ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද කියලා හිතා ගන්න පුළුවන් නේ. ඒත 24 වෙනිදා අනුරාධපුර සිට  සාලියපුර යන බස් එකේදී තමන්ට වැඩ වරදියි කියලා ඔහු කවදාවත් හිතන්නේ නැතුව ඇත.

Thursday, May 26, 2011

සංගීත් නිපුන් සනත් නන්දසිරි, උදයන්ති සමඟ කාර් එකක් අතුළෙ වැඩිහිටියන්ට පමණයි දර්ශනයක් රූගත කරලා..

ජනප්‍රිය ගායක  සංගීත් නිපුන් සනත් නන්දසිරි පසුගියදා ප්‍රසිද්ධ නිලියක් වන උදයන්ති කුලතුංග සමඟ කාර් එක තුළ අසභ්‍ය ලෙස හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. එම ජවනිකාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි දර්ශනයක් නිසා ඡායාරූප පල කිරීමට අප වෙත හැකියාවක් නැත. පසුව රිමාන්ඩ් භාරයේ පසුවූ නන්ද ඇප මත නිදහස් කර ගැනීමට ඔහුගේ බිරිඳ පැමිණ ඇත.

Thursday, May 19, 2011

අයේෂානිගේ අලුත්ම පෙම්වතා මන්ත්‍රිවරයෙක්..

අයේෂානි දුලංජි ගමගේ වෘත්තියෙන් මොස්තර නිරූපනය හා නිවේදනය කරන කෙනෙක්. එක් සැරයක් දෙරණ මිස්  වීට් ශ්‍රී ලංකා තෙවැනි තැන දිනා ගත්ත දුලංජි කලින් බඳින්න හිටියේ ව්‍යාපාරිකයෙක්. ඒත අපට දැනගන්න ලැබෙන අලුත්ම ආරංචිය නම් කුරුණෑගල ප්‍රදේශයේ නවක මන්ත්‍රීවරයෙක් සමඟ මේ වන විට සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇති බවයි. එම මන්ත්‍රීවරයාගේ පියාද හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි. දැන ගන්නට ලැබෙන ආකාරයට එම මන්ත්‍රීවරයා අයෂානිගේ දුරින් නෑයෙක් ද වේ.

ශලනිට ව්‍යාපාරිකයෙක්ගෙන් පොඩි තෑග්ගක්..

සිරස කුමරිය ලෙස අභිෂේක ලැබූ ශලනි තාරකා විජේබණ්ඩාරට මීගමුව ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරිකයෙකු විසින් අලුත්ම ඇලියොන් රථයක් තෑගි ලෙස ලබා දී ඇත. මැදිවියත් පසු කර සිටින එම ව්‍යාපාරිකයා චිත්‍රපටි නිශ්පාදනයටද දායක වන අයෙකි.

ප්‍රසිද්ධ ටෙලි නිළියගේ රෙද්ද ගැලවේ..

ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක් වන උදේනි නදීකා පිරිස් විසින් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් පසුගියදා මිරිහාන පොලිසිය විසින් වටලුවා. දවස් 5ක් පොලිසියේ තියාගත්ත උදේනි කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කරා. රූපවාහිනියේ මැදි වියේ චරිත වලට පණ පොවන උදේනි සතුව රු.15000 ඉහළ වටිනාකමකින් අලෙවි වන නිළි ගණිකාවන් සිට ඇත. උදේනි කිදුරංගනා, සක්විත්තෝ, සිටු ගෙදර හා මිලා වැනි නාට්‍ය වල රඟපා ඇත.

Wednesday, May 11, 2011

අපේ දුටුගැමුණු රජතුමා කවදාවත් අලියගෙ පිටින් වැටිලා නෑ.. එත් නළු දුටුගැමුණු වැටිලා මෙන්න සාක්ෂි..

අලියගේ පිටට නගින එක ටිකක් අමාරු වැඩක්. නිකං කාලා බීල ක්‍රීඩාවක් වත් කරන්නේ නැති එක්කෙනෙකුට ඒක ගොඩක් අමාරු වැඩක්. පසුගියදා සුරංගනා ලොවෙන් ඇවිත් චිත්‍රපටියේ දුටුගැමුණුටත් අලියගෙ පිටට නගින්න ගිහිල්ලා පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. දුටුගැමුණු චරිතයට එම චිත්‍රපටියේ පණ පොවන්නේ අමාත්‍ය මර්වින් සිල්වායි. 

Tuesday, May 10, 2011

නිරෝෂන්ට පොලිසියෙන් ගුටි බැට පූජාවක්..


ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්ති නිවේදක නිරෝෂන් පේ‍්‍රමරත්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පානදුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී එඞ්මන් මහේන්ද්‍ර අවධාරණය කරයි. මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මාධ්‍ය වෙත පවසා ඇත. නිවේදක නිරෝෂන් පේ‍්‍රමරත්න පානදුර පොලිසියේදී පහරදීමකට ලක්ව මේවන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. පහරදීමෙන් ඔහුගේ වම් ඇසට සහ මුහුණට බරපතළ තුවාල සිදු වී ඇති අතර එක් දතක්ද කැඞී ගොස් තිබේ.