Sunday, October 30, 2011

අයේෂා කලාවෙන් සමුගන්ත තීරණය කරලා..

ප්‍රවීණ නිරූපිකාවක් නිළියක් හා නිවේදිකාවක් ලෙස කටයුතු කළ අයේෂා සඳමාලි කලා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරල කියලා අපට ආරංචි වුණා.

Thursday, October 27, 2011

යාලුවගේ පෙම්වතීට ආදරේ කරන්න ගිහින් සුරේන්ද්‍ර රෝහල්ගත කරයි..

සුපර් ස්ටාර් දෙවන වටයේ දෙවැනි ස්ථානයට පත් වූ සුරේන්ද්‍ර පෙරේරා හොඳම මිතුරාගෙන් ගුටි කා රෝහල් ගත කර ඇති බව අපට ආරංචි වුණා. තමාගේ පෙම්වතිය සමග සුරේන්ද්‍රගේ ගනුදෙනුවක් ඇති බව ආරංචි වූ මිතුරා ඉතාලියේ සිට හදිසියේ පැමිණ මෙම පහරදීම සිදු කරල කියල තමයි අපිට ආරංචි වුණෙ. කොහෙම වුණත් දැන් සුරේන්ද්‍ර රෝහලේ.

Wednesday, October 26, 2011

අක්කා පෙම්වතාගේ අලුත්ම කැච් එක දිලිනි ලක්මාලි..

විශ්වනාත් කොඩිකාර කියන්නේ දක්ෂ තරුණ නැගී එන නළුවෙක්. පසුගියදා ඔහු ප්‍රසිද්ධියක් ලබා ගත්ත තවත් පැත්තක් තිබුණා. ඒ අක්කලාට පෙම් කරලා.

Thursday, October 20, 2011

හඬක් නැති නිසා පබා ගොළු වෙලා..

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කුස පබා චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපරණය කරන්නේ ජැක්සන් ඇන්තනී හා පූජා උමා ශංකර් විසිනි. පූජා උමා ශංකර් ඉන්දියානු නිළියක් වීම නිසා ඇයගේ කටහඩට හඩකැවීමේ ශිල්පිණියක් අවශ්‍ය වේ.

Wednesday, October 19, 2011

ෂෙරිල් රොමේන් හා වත්සලා දියලගොඩගෙන් ඒ.එස්.බී එකට දෝස් මුරයක්..

වත්සලා දියලාගොඩ හා ෂෙරිල් රොමේන් මේ දින වල ස්වාධීන රූපවාහිණියේ විකාශනය වන අමා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපනය කරයි. එම නාට්‍ය සඳහා ඇදුම් සපයන්නේ පානදුර ඒ.එස්.බී ෆැෂන් ආයතනයයි.

Thursday, October 6, 2011

නදීෂා රඟපෑමෙන් ඉවත් වීමේ සූදානමක්..

ජනප්‍රිය නිළියක් වන නදීෂා අලහප්පෙරුම රඟපැමෙන් ඉවත් වෙනවා කියලා අපට ආරංචි වුණා. නදීෂා රුවන්  මාළිගා, ඉතිං ඊට පසසේ වැනි නාට්‍ය වලින් ජනප්‍රියත්වයට පත් වුණා.

Tuesday, October 4, 2011

ගයේෂා ලබන වසරේ යුග දිවියට..

ප්‍රවීණ මෝස්තර නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් වන ගයේෂා පෙරේරා ලබන වසරේ මාර්තු මස ගායකයෙකු වන හසන්ජිත් චතුරංග සමග විවාහ වීමට සූදානම් වන බව අපට ආරංචි වුණා.

Monday, October 3, 2011

යුරේනි සීනි වෙළෙන්දෙක්ගේ කර පිටින් බොලිවුඩයට යයි..

යුරේනි නොෂිකා කිව්වම දැන් ගොඩක් දෙනෙක් දන්නවා. මොකද කිදුරංගනා නාට්‍යයෙන් රංගනයට පිවිසිලා ඩාන්සින් ස්ටාර්ස් වලින් නටන්න පුළුවන් කියලා පෙන්නලා මොස්තර නිරූපනයේ හා නිවේදනයේ යෙදෙන යුරේනි කැපී පෙනෙන චරිතයක් වෙලා ඉවරයි.