Wednesday, September 21, 2011

ඒලියන්ත වයිට්ගේ නීති විරෝධි අහුන්ගල්ල හෝටලය..

පසුගියදා අහුන්ගල්ල වෙරළ ජනපතිගේ හිතවතෙකුට ලබා දීම සම්බන්ධයෙන් පල වූ පුවත් නිසා සියලු දෙනා එය ජනපතිගේ නිල වෛද්‍යවරයා වන අජිත් රණවකට ලබා දී ඇති බවට විශ්වාස කළේය. නමුත් පසුගියදා එම වෙරළ ලබා දුන්නේ එළියන්ත වයිට්ට බව අජිත් රණවක විසින් අනාවරණය කර ඇත. 
අහුංගල්ල තොරවත්ත පාරේ, ආදාගල, ඕකඬේ හා මෝය කට ආශ‍්‍රිත වෙරළේ මෙම හෝටලය ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ සේවකයින් යොදා ගනිමින් ඒ සඳහා ප‍්‍රවේශ මාර්ගයක් ද ඉදිකරමින් තිබේ. අහුංගල්ල ඉඩමේ සිට වෙරළ තෙක් දැවැන්ත තාප්පයක් ඉදිකරමින් තිබෙන අතර, අදාළ ධීවර තොටුපළේ ධීවරයින්ට හා ප‍්‍රදේශවාසීන්ට එම භූමියට ඇතුළු වීම තහනම් කර ඇත.

No comments:

Post a Comment