Sunday, June 5, 2011

සින්දු දෙකක් පමණ දන්නා චිලී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වේදිකාවේ විරයෙක් වෙන්න යයි..

ලංකාවේ මිනිස්සුන්ගෙන් 98%ක්ම චිලී කියන්නේ කවුද කියලවත් දන්නෙ නෑ. ඉතිරි 2%නුත් චිලීව දන්නෙ මුක්කු සංගීතයට ආවඩන සින්දු 2ක් පමණ ගයා එහෙට මෙහෙට දඟලන පුද්ගලයෙක් විදියට. ඒ වගේ තත්වයක් තියෙන චිලී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනට එන්නෙ කෙසේ හෝ නටන්න බලාගෙනය (ගායනයෙන් ප්‍රසිද්ධ වෙන්න බැරි වුණ නිසා).
මෙම වැඩසටහනේ විනිසුරුවන් වන ජනනාත් වරකාගොඩ, රන්ජන් රාමනායක හා මර්වින් සිල්වා යන අයගෙන් මොහුගේ නර්තනය විවේචනය වුවත් තවමත් මොහු රැදී සිටින්නේ මොහු බෙදා හැර ඇති සිම්පත් ජංගම දුරකතන නිසා විය හැක. පසුගියදා තිබූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනේ චිලී අවම ලකුණු ලබා වේදිකාවේ හැසිරුණු ආකාරය ප්‍රේක්ෂක ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇත. අමල් පෙරේරා, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියසගේ වැනි ගායකයින් මෙසෙ හැසිරීම පුදුමයක් නෙවේ.එහෙත් සින්දු දෙකක් පමණ දන්නා චිලී මහා සංගීතඥයෙකු ලෙස පසුගියදා වේදීකාවේ හැසිරීම පිළිබඳ ප්‍රෙක්ෂකයින් අතර කසුකසුවක් ඇතිව ඇත. 

No comments:

Post a Comment