Monday, July 18, 2011

මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් පොලිස් අත්අඩංගුවට..

මලල ක්‍රීඩකයොත් දැන් හොරු වෙන්න පටන් අරන්. පසුගිය කාලයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම හොරකම් වලට අහුවෙලා තමන්ගෙ රස්සාව පවා නැති කරගත්ත කියලා අපට ආරංචි වුණා. ඒ අය රට වෙනුවෙන් කොච්චර දේවල් කරත් එක හොරකමකින් ඒ සියල්ල අමතක කරන්න පුළුවන් කියලා එයාලට තේරෙන්නෙ නැතුව ඇත. අලුත්ම ආරංචිය කියන්නෙ රංග විමලවංශත් ඒ වගේ මූල්‍ය වංචාවකට අහුවෙලා මේ වන විට 29 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා. රංග වංචා කරලා තියෙන්නෙ සුළුපටු ගාණක් නෙවෙයි. මිලියන 16ක්. කලින් මිලියන 24ක් අරගෙන පස්සෙ ඒකෙන් 8ක් දීලා. රංග මේ සල්ලි අරන් තියෙන්නෙ කාන්තාවකගෙන්. ඇයට ඇමරිකා වීසා අරන් දෙනවා කියලා තමයි මේ සල්ලා අරන් තියෙන්නෙ. කොහොමවුණත් දැන් රංගට කර කියා ගන්න දෙයක් නැති වෙලා කියලා තමයි අපට ආරංචිය.

No comments:

Post a Comment