Thursday, January 26, 2012

හරින්ද්‍ර ස්වර්ණවාහිනියෙන් ඉවත් වෙලා තියෙන්නෙ ස්වර්ණවාහිනියත් එක්ක තරහින් නෙවෙයි..

ස්වර්ණවාහිනියේ වසර 10ක් පුරා සේවය කළ හරින්ද්‍ර ජයලාල් එම නාලිකාවෙන් අයින් වෙලා තියෙන්නේ ස්වරණවාහිනියත් එක්ක තරහින් නෙවෙයි කියලා අපට දැනගන්න ලැබුණා.
මොකද වසර තුනක් පුරාවට ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ කටයුතු කරලා ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වාර්තාකරනය ලෙසට ස්වර්ණවාහිනිය පත් කරපු හරින්ද්‍රට ඊ.ඒ.පී අධ්‍යක්ෂක මණ්ඩලයේ හැමෝම අස් නොවන ලෙස ඉල්ලීම් කරා කියලා හරින්ද්‍ර කියලා තියෙනවා. අපට ආරංචි වුණ විදයට නම් හරින්ද්‍ර අයින් වෙලා තියෙන්නේ බෙස්ට් වොයිස් මීඩියා කියලා ඇකඩමියක් පටන් ගත්ත නිසා. පටන් ගත්ත දවසේම අතිවිශාල පිරිසක් ඇකඩමියට බැදෙන්න ඇවිල්ලා තියෙනවා. නිවේදන කලාවට ආශාව තියෙන අයට අතහිත දෙන්න පටන් ගත්ත මේ වැඩේ දිගටම සිදු කරන බව හරින්ද්‍ර කියනවා. 0716356592 දුරකතන් අංකයෙන් හරින්ද්‍රට කතා කරලා ඇකඩමිය ගැන දැනගන්ත පුළුවන් කියලත් අපට ආරංචි වුණා. 

No comments:

Post a Comment