Thursday, October 20, 2011

හඬක් නැති නිසා පබා ගොළු වෙලා..

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කුස පබා චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපරණය කරන්නේ ජැක්සන් ඇන්තනී හා පූජා උමා ශංකර් විසිනි. පූජා උමා ශංකර් ඉන්දියානු නිළියක් වීම නිසා ඇයගේ කටහඩට හඩකැවීමේ ශිල්පිණියක් අවශ්‍ය වේ.
එහෙත් ප්‍රවීණ හඬකැවීමේ ශිල්පිණියන් හා දක්ෂ නිළියන් වන නදීෂා හේමමාලි හා රශි පබෝධා සංදීපනී යන අය මෙම හඬකැවීමේ කාර්ය සිදු කිරීමට අකමැති වීම නිසා පබාට කටහඬ නැති වෙලා කියලා අපට දැනගන්න පුළුවන් වුණා. එම නිළියන් විමසන්නේ ඉන්දියානු නිළියක් වන පූජාට රඟපෑම වෙනුවෙන් ලක්ෂ 15ක් ගෙවන්න පුළුවන් වුණා නම් තමන් කිසිවිටෙකත් ලක්ෂ 2ක් වැනි සළු මුදලකට හඬකැවීම සඳහා සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් මෙම චිත්‍රපටිය සඳහා ලක්ෂ 1000ක් වැය වන බව ධම්මික සිරිවර්ධන පැවසුවද ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසන්නේ මෙම චිත්‍රපටිය සඳහා වැය වූ මුදල ලක්ෂ 350ක් පමණ වන බවයි. 

No comments:

Post a Comment