Wednesday, October 19, 2011

ෂෙරිල් රොමේන් හා වත්සලා දියලගොඩගෙන් ඒ.එස්.බී එකට දෝස් මුරයක්..

වත්සලා දියලාගොඩ හා ෂෙරිල් රොමේන් මේ දින වල ස්වාධීන රූපවාහිණියේ විකාශනය වන අමා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපනය කරයි. එම නාට්‍ය සඳහා ඇදුම් සපයන්නේ පානදුර ඒ.එස්.බී ෆැෂන් ආයතනයයි.
පසුගියදා එම ආයතනයේ පැවති උත්සව අවස්ථාවකට එම නිළියන් දෙදෙනාට ආරාධනා කර ඇතත් එහිදී අදාල ආයතනයෙන් තමන්ට නිසි සැළකිල්ලක් නොලැබූ බව පවසමින් එම නිළියන් දෙදෙනා ආයතනය සමඟ ගැටුමක් ඇති කර ගෙන ඇති බව අපට ආරංචි වුණා. තවද ඔවුන්ට දිවා ආහාරය ලබා දෙන බව පවසා කෙටි ආහාර වේලක් ලබා දීමට විරුද්ධවද ඔවුන් දෙදෙනා ආයතනයට දෝෂාරෝපනය කර ඇත. කෙසේ වෙතත් අවසානයේ මේ නිළියන්ගේ කරදරයෙන් බේරීමට ආයතන ප්‍රධානියෙක් ප්‍රදර්ශනයට තබා තිබූ බිත්ති ඔරලෝසු දෙකක් ඔවුන්ට තෑගි වශයෙන් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් පවසන්නේ අමා නාට්‍යයේ චරිත සඳහා ඇඳුම් ලබා දුන්නද මෙම නිළියන්ට නොමිලේ තෑගි හා ඇඳුම් ලබා දීමට තම ආයතනය බැඳී නොසිටින බවයි. කෙසේ වුවද නිළියන් දෙදෙනා පවසන්නේ තමන්ගේ වෘත්තීය මෙම ආයතනය විසින් මෙතරම් අවතක්සේරු කරන බව දන්නේ නම් මෙම උත්සව අවස්ථාවට සහභාගී නොවන බවයි. 

No comments:

Post a Comment