Tuesday, May 10, 2011

නිරෝෂන්ට පොලිසියෙන් ගුටි බැට පූජාවක්..


ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්ති නිවේදක නිරෝෂන් පේ‍්‍රමරත්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පානදුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී එඞ්මන් මහේන්ද්‍ර අවධාරණය කරයි. මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මාධ්‍ය වෙත පවසා ඇත. නිවේදක නිරෝෂන් පේ‍්‍රමරත්න පානදුර පොලිසියේදී පහරදීමකට ලක්ව මේවන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. පහරදීමෙන් ඔහුගේ වම් ඇසට සහ මුහුණට බරපතළ තුවාල සිදු වී ඇති අතර එක් දතක්ද කැඞී ගොස් තිබේ.

නිරෝෂන් ප්‍රේමරත්නගෙගේ පසුපසින් යතුරුපැදියකින් පැමිණි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පානදුර ඔර්ලෝසු කණුව අසලදී නිරෝෂන් මහතාගේ මෝටර් රථය නතර කර,  පොලිස් නිලධාරීන් විසින් මෝටර් රිය නවත්වීමට අණ කළද මෝටර් රථය නතර නොකිරීමට හේතු විමසා තිබේ.රිය නතර කිරීමට සංඥාවක් දුන් බව තමා නොදුටුවේ යැයි නිරෝෂන් එහිදී පවසා තිබේ. නිරෝෂන් පේ‍්‍රමරත්න පවසන අන්දමට මෝටර් රථයෙන් පොලිසියට එන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනා දැනුම් දී තිබේ. ඒ අනුව පොලිසියට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා බව පවසා තිබේ. ඒ බව ස්වාධීන රූපවාහිනියට දැනුම්දීම සඳහා දුරකතන ඇමතුමක් ලබා ගැනීමට නිරෝෂන් පේ‍්‍රමරත්න බිරිඳ වෙත යාමට සූදානම් වෙත්ම පොලිස් නිලධාරීන් දෙදෙනා නිරෝෂන් පේ‍්‍රමරත්නගේ බඩෙන් උස්සා ඇදගෙන ගොස් බිත්තියකට හේත්තු කොට එක් නිලධාරියකු අල්ලාගෙන සිටියදී දෙදෙනෙකු පහර දී තිබේ.

එම අවස්ථාවේදී සිද්ධිය වූ ස්ථානයට පැමිණි රථවාහන අංශයේ උසස් නිලධාරියකු තවත් පහර දෙන ලෙස එම නිලධාරීන්ට උපදෙස් දී තිබෙන අතර හෙට පත්තරයට නිරෝෂන් පොලිසියට පහර දුන් බවට දන්වා යවන ලෙසට උපදෙස් දී ඇති බවද දැනගන්නට ලැබී ඇත. මේ පහරදීමේදී නිරෝෂන් පේ‍්‍රමරත්නගේ ජංගම දුරකතනය සහ රන් අත්පළඳනාවද අතුරුදන් වූ බව නිරෝෂන් ප්‍රේමරත්න පවසයි. 

No comments:

Post a Comment