Tuesday, November 1, 2011

පබා ඉතාලි යන්න බයයිලු..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සිනමා හා ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා ඉතාලියට යෑමට දැඩි අකමැත්තක් දක්වන බව අපට ආරංචි වුණා.
ඇය පසුගිය දිනවල ඉතාලි සංචාර කිහිපයකට කැමැත්ත පල කර තිබුණද හදිසියේ ඒවා මගහැර ඇති බව ක්ෂේත්‍රයේ කට්ටියගෙන් අපට දැනගන්න පුළුවන් වුණා. පසුගියදා පියුමි බොතේජු එක්ක යන්න තිබුණු ඉතාලි සංචාරයද මඟහැර ඇති පබා පියුමිගේ දුරකතනයටවත් පිළිතුරු නොදෙන බව අපට දැනගන්න පුළුවන් වුණා. පබාගේ මේ ක්‍රියාකලාපය නිසා කණ්ඩායම් වීසා ලබා ගත් අනෙක් අයටත් එම සංචාර අහිමි වන බව ඒ සඳහා සහභාගී වීමට නියමිත කලාකරුවන් අපට කියා සිටියා.

No comments:

Post a Comment