Thursday, June 9, 2011

මෙන්න නියම පොට් එකක්. කාටවත් අහුවෙන්නෙ නැතිව වැඩේ ගමනෙදිම කරගන්න පුළුවන්..

මේ ජංගම වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳ වාර්තා වෙන්නෙ මුල්ලේරියාව පැත්තෙන් වුණාට කරන්නෙ පිස්සොන්ට බෙහෙත් කරන එක නම් නෙවෙයි. ගබ්සා කරන එකයි. මුල්ලේරියාව පොලිසිය විසින් ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වුණා.
එය පවත්වාගෙන ගොස් ඇත්තේ කළු පැහැති මොටර් රථයක බව අපිට දැන ගන්න පුළුවන් වුණා. සිද්ධිය අහුවෙලා තියෙන්නේ අධිකර රැධිර වහනයක් සහිතව කාන්තාවක් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන්න ගිය වෙලාවෙ. ඒ පිළිබඳ සැක හිතූ හෙද කාර්ය මණ්ඩලය සිද්ධිය පිළිබඳව පොලිසියට කීමෙන් පසුව, රෝහලට ඇතුළත් කළ කාන්තාවගෙන් අදාල ගබ්සා මධ්‍යස්ථානයේ දුරකතන අංකය ලබා ගෙන ඇත. ඉන්පසුව පොලිසිය විසින් උපායශීලි ලෙස එම ගබ්සා මධ්‍යස්ථානය මුල්ලේරියාවට ගෙන්වා අත්අඩංගුවට ගෙන ඇත. 

No comments:

Post a Comment