ජනප්‍රිය නිළි නෙහාරා, එයාගේ ස්වාමියා නිර්මාල් එක්ක විරසකයක් තියෙනවා කියන රටේ ප්‍රසිද්ධ රහසක්.නිර්මාල් කුකුල් කේන්තිකාරයෙක් නිසා එයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලයි නෙහාරාගේ චෝදනාව. එත් නිර්මාල් කියන්නේ වෙනම කතාවක්. නෙහාරා ජනප්‍රිය නලුවෙක් වන මේනකත් එක්ක සම්බන්ධකමක් පවත්වන නිසා මේ වගේ ආරවුලක් පටන් ගත්තා කියලයි නිර්මාල් කියන්නේ. ඒ මොනවා වුනත් රටටම ඇහෙන්න මගුල් කාපු නෙහාරා ඔන්න දැන් තමන්ගේ ස්වාමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරල විතරක් නෙවෙයි ඒකට වුවමනා කරන ලියකියවිලිත් නීතිඥ මහත්වරුන්ට භාර දීලා තියෙනවා කියලයි අපට නම් ආරංවි.
Thursday, June 30, 2011
Thursday, June 23, 2011
Wednesday, June 22, 2011
Monday, June 20, 2011
නෙහාරාගේ විවාහයටත් බඩු හරි..
ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ගේ විවාහය දෙදරා ගොස් ඇති බව අප වෙත වාර්තා වේ. නෙහාරා විවාහ වී සිටියේ නිර්මාල් පෙරේරා සමඟය. සුළු සුළු ආරවුල් හේතුවෙන් විරසකව සිටි මොවුන් දෙදෙනා යළිත් එක් කිරීමට පසුගිය පොසොන් දිනයේදී නේහාරාගේ පියා උත්සාහ ගෙන ඇති අතර, අවසානයේ එම උත්සාහය අවසන්වී ඇත්තේ පියා රෝහල්ගත කිරීමෙන් බව වාර්තා වේ.
Friday, June 17, 2011
ජැකොලයින් ෆර්නැන්ඩස් නිරුවත් දර්ශනවල රඟපාන්න සූදානම්..
බොලිවුඩ් චිත‍්‍රපටයක අඩ නිරුවත් හා සරාගී දර්ශන වලට පෙනී හිටපු අපේ රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස්ට මින් ඉදිරියට නිරුවත් දර්ශනවල පෙනී සිටින එක අවුලක් නැති බව ඇය පවසනවා. ජැකලයින් ෆර්නැන්ඩස් රඟපාන අලූත්ම චිත්‍රපටය මර්ඩර් -2’ චිත‍්‍රපටය තිරගතවීමට නියමිතව ඇත්තේ ජූලි 08 වැනිදා සිට වන අතර එයින් පසුවයි ඇය මේ නිරුවත් දර්ශන කතාව එළියට දමා ඇත්තේ.
Tuesday, June 14, 2011
Monday, June 13, 2011
ටෙලිනාට්‍ය නළු ගයාන් වික‍්‍රමතිලකට මහනුවර ගැටඹේදී තරුණයන් පිරිසකගෙන් ගුටි පූජාවක්..
ටෙලිනාට්‍ය නළු ගයාන් වික‍්‍රමතිලකට මහනුවර ගැටඹේ ප්‍රදේශයේදී තරුණයන් පිරිසකගෙන් ගුටි පූජාවක් භුක්ති විදීමට සිදුව තිබෙන බව වාර්තා වුනා. පසුගිය 11 වෙනිදා සංගීත සංදර්ශනයකට සහභාගි වීම සදහා යමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුනපාන්නට ගයාන්ට සිදුව තිබෙනවා. තමාගේ මෝටර් රථයට ගලක් විසිකිරීම ගැන ගයාන් විසින් තරුණයන් පිරිසක් සමඟ ඇතිවූ වචන හුවමාරුවක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම ගැටුම නිසා ගයාන් ඇද සිටි ටී ෂර්ටයත් ඉරී ගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයත් නැති වෙලා තියෙනවා. රූපවාහිනියේ නිතරම දුෂ්ඨ චරිත වලට පණ පොවන ගයාන්ට මේ පාර නම් දෙයියොත් සිහිවෙලා කියලයි අපට නම් ආරංචි.
Thursday, June 9, 2011
Tuesday, June 7, 2011
රොෂෙල්ගේ අලුත් පෙම්වතා මුසාමිල්..
ජනපි‍්‍රය මොස්තර නිරූපිකාවක් වන රොසෙල් පලන්කට්ගේ අලූත් පෙම්වතා බවට පත්ව ඇත්තේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ දිවා රාතී‍්‍ර හෝටලයක හිමිකරුවෙකු වන මුසාමිල් නැමැත්තෙකු බව අපට දැන ගන්නට ලැබුණා. රොසෙල්ට කලින් පෙම්වතුන් කිහිපදෙනෙකුම හිටියා, ඇය පෙම්වතෙකු ලැබුණු විගස ඔහුගේ නම පච්චයක් සේ කොටා ගන්නා බව රොෂෙල්ට හිටපු පෙම්වතුන් දැන ගත්තට අනිත් අයට පේන්නෙ නෑනේ.
Sunday, June 5, 2011
Thursday, June 2, 2011
Subscribe to:
Posts (Atom)